Latest News

දකුණු සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කම්කරුවන් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් ගුවන් ගත වීමේ දී මෙලෙස කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදි එම යානයේ සිටි එක් අයෙකු පමණක් දිවි බේරාගෙන ඇති අතර අනෙකුත් පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයින් අතර විදෙස් ජාතිකයින් පස්දෙනෙකු ද වන බව සඳහන්.

කෙසේවෙතත් අනතුරට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today