Latest News

ඉන්දියාවේ 100 වන රොකට් මෙහෙයුම සාර්ථක වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය ISRO විසින් සිය 100 වන රොකට් මෙහෙයුම සාර්ථකව අභ්‍යාවකාශගත කර තිබෙනවා.

උදෑසන 6:23 ට ආන්ද්‍ර ප්‍රදේශ් හි ශ්‍රීහාරිකොටා හිදී NVS-02 චන්ද්‍රිකාව රැගත් GSLV-F15 රොකට්ටුව සාර්ථකව දියත් කළ බවයි ඔවුන් පවසන්නේ.

මෙය මෑතකදී බලයට පත් වූ අභ්‍යවකාශ ඒජන්සියේ සභාපති වී. නාරායනන් මහතාගේ පළමු මෙහෙයුමවන අතර, මෙම වසරේ ISRO හි පළමු අභ්‍යාවකාශ ගමන වනවා.

චන්ද්‍රිකාව අවශ්‍ය කක්ෂයට නිවැරදිව ස්ථානගත කර ඇති බවත්, 100 වන දියත් කිරීම සාර්ථක කර ගැනීම ඉතා වැදගත් සන්ධිස්ථානයක් බවයි නව සභාපතිවරයා පවසා ඇත්තේ.

1979 අගෝස්තු 10 වන දින ඉන්දියාවේ ශ්‍රීහාරිකොටා සිට පළමු ටොකට්ටුව අභ්‍යාවකාශගත කෙරුණු අතර, වසර 46 කට ආසන්න කාලයකට පසු අභ්‍යවකාශ දෙපාර්තමේන්තුව සිය, සියවන රොකට්ටුවත් සාර්ථකව සිදු කිරීමට සමත්ව තිබෙනවා.

මේ දක්වා ශ්‍රීහාරිකොටා හි සියලුම විශාල රොකට් දියත් කිරීම් ඉන්දියානු රජය විසින් සිදු කර තිබීමත් විශේෂත්වයක්.

World News

Send your contact Details Today