තම දරුවා යොදාගනිමින් සමාජ මාධ්‍ය රැවටූ කාන්තාවකට අද ක්වින්ස්ලන්ඩ් හිදී ඇප නියම වුණා.
34 හැවිරිදි මෙම කාන්තාව පසුගිය වසරේ සිට තම අවුරුදක් වයසැති දරුවාට වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ ලබාදී සමාජ මාධ්‍ය ඔස්සේ ඩොලර් 60,000 (හැට දහසක) පරිත්‍යාග ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.
පසුව ජනවාරි 16 වනදා ක්වින්ස්ලන්ඩ් පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගත් අතර ඇයට එරෙහි චෝදනා වන්නේ හානි කිරීමේ චේතනාවෙන් වස ලබාදීම, වධ හිංසා පැනවීම, වංචා කිරීම යන චෝදනායි.
මීට පෙර දරුවාට අපස්මාරය සඳහා ඖෂධ ද්‍යෛවරුන් නියම කර ඇති අතර පසුව එම ඖෂධ නතර කර ඇති නමුත් මාස දෙකහමාරක් පුරා දරුවාට ලබා දුන් විවිධ ඖෂධ නිසා දරුවාගේ සෞඛ්‍ය තත්වය දැඩි අවදානමකට ලක්ව ඇති බවයි පොලීසිය චෝදනා කරන්නේ.
එහෙයින් දරුවාට අවදානම් සහිත ශෛල්‍යකර්ම 2 කට ලක්කිරීමට ද සිදුවන බවයි වෛද්‍ය වාර්තාවල සඳහන්ව ඇත්තේ.
බිළිඳාගේ සිට මීටර් 100 ක් ඇතුළත කාන්තාව නොපැමිණිය යුතු අතර දරුවා සමග ඇයගේ එකම සම්බන්ධතාවය දෘෂ්‍ය ක්‍රමය මගින් සමග වන කොන්දේසි මත අධිකරණයෙන් ඇයට ඇප නියම කර තිබෙනවා.