Latest News

ට්‍රම්ප් යුක්‍රේනය පැත්තේ සිටිය යුතු බව, සෙලෙන්ස්කි කියයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේනය පැත්තේ සිටිය යුතු බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් Volodymyr Zelenskyy සෙලෙන්ස්කි පවසනවා.

ඒ Fox News සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

යුක්‍රේනයට පුළුල් ආරක්ෂක සහතිකයක් අවශ්‍ය බවත්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුරෝපයට බිය නැති බවත් යුක්‍රේන ජනපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

ජනවාරි 20 වන දින බලයට පත් වූ ට්‍රම්ප්, රුසියා-යුක්‍රේන යුද්ධය ඉක්මනින් අවසන් කරන බවට පොරොන්දු වූවා.

එවැනි ගිවිසුමකට මාස ගණනක් ගත විය හැකි බවයි යුද විශ්ලේෂකයින් පවසන්නේ.

නමුත් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරවලදී ඔහු ප්‍රකාශ කළේ, තමන් බලයට පත්ව පැය 24 ක් තුළ යුක්‍රේන රුසියා යුද්ධය අවසන් කරන බවයි.

කෙසේ වෙතත් යුද්ධය අවසන් කිරීම පිළිබඳව රුසියානු ජනපති පුටින් සමඟ කතා කිරීමට ට්‍රම්ප් කැමැත්ත පළ කර ඇති අතර එය රුසියානු නායකයා මග හැරිය ඩිමොක්‍රටික් හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනයට වෙනස් වූවක්.

පසුගිය නොවැම්බර් මාසයේ ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය, 2022 පෙබරවාරි මාසයේ ආරම්භ වූ මොස්කව් යුක්‍රේන ආක්‍රමණය අවසන් කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික යෝජනාවක් පිළිබඳ බලාපොරොත්තු ඇති කර තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

World News

Send your contact Details Today