Latest News

තවත් දකුණු කොරියානු ගුවන් යානයක් ගිනි ගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියාවේ බුසාන් නගරයේ ගුවන් තොටුපළකදී ගුවන් ගත්වීමට සූදානම් වූ එයාර් බුසාන් ගුවන් යානයක ගින්නක් හට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වූ කාර්යමණ්ඩලය, යානයේ සිටි 176 දෙනාම ඉවත් කිරීමට සමත්වූ බව සඳහන්.

එරට වේලාවෙන් අඟහරුවාදා සවස දකුණු කොරියාවේ ගිනිකොනදිග බුසාන් ගුවන් තොටුපළේ සිට හොංකොං බලා පිටත්ව යාමට සූදානම් වූ විට යානයේ පිටුපස කොටසේයි මෙම ගින්න හටගෙන ඇත්තේ.

මෙහිදී මගීන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම දකුණු කොරියානු ගුවන් අනතුර වාර්තා වන්නේ ජෙජු එයාර් ගුවන් යානයක් නිරිතදිග මුවාන් ගුවන් තොටුපළේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 179 දෙනෙකු මරණයට පත්වූ අනතුරින් මසකටත් අඩු කාලයකදී වීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today