ඉන්දියාවේ කුම්භමේලා උත්සවයේදී ඇතිවූ තෙරපීමකින් බැතිමතුන් විශාල පිරිසක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මියගිය පිරිස කොතෙක් ද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.
එහෙත් බොහෝ ස්ථාන වල බැතිමතුන්ගේ ඇඳුම් ආයිත්තම්,සපත්තු, බ්ලැන්කට් සහ බෑග් බිම විසිරී ඇති ආකාරය දැකගත හැකියි.
ලොව විශාලතම ආගමික උත්සවයක් වන කුම්භමේලා උත්සවයේදී ශුද්ධ ගංගා වල දිය නෑම සඳහා මිලියන 100 ක ජනතාවක් සහභාගී වනු ඇතැයි නිලධාරීන් අනාවැකි පළ කර තිබුණා.
එහෙත් එම චාරිත්‍රය සංවිධායකයින් විසින් අත්හිටුවා තිබියදීත් දස දහස් ගණනක් බැතිමතුන් තවමත් ශුද්ධ ජලය ස්නානය කිරීමට උත්සාහ කරමින් සිටිනවා.
මෙවර මෙම උත්සවයට සහභාගී වූ මුළු සංඛ්‍යාව මිලියන 400 ඉක්මවනවා.