Latest News

ජපන් කතකට සහ දරුවාට පිහි ඇනුමක් කළ චීන ජාතිකයෙකුට මරණ දඬුවම

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය වසරේ ජූනි මාසයේ දී පිහි ප්‍රහාරයකින් ජපන් කාන්තාවක් සහ ඇගේ දරුවා තුවාල කරමින් සිටියදී ඔවුන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ බස් රථ සේවකයෙකු මරා දැමූ චීන ජාතිකයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව ජපාන නිලධාරියෙකු උපුටා දක්වමින් CNN වාර්තා කරනවා.

චීනයේ Suzhou හි අධිකරණයක් මෙලෙස මරණ දඩුවම නියම කර තිබුණේ 52 හැවිරිදි චීන ජාතිකයෙකුටයි.

ජපන් මව පාසලක් අසල බස් නැවතුම්පොළක තම දරුවා රැගෙන යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ප්‍රහාරයේදී මව සහ දරුවා ජීවිත තර්ජනාත්මක නොවන තුවාල ලබා ඇති නමුත් ප්‍රහාරකයා නැවැත්වීමට උත්සාහ කළ චීන බස් සේවිකාවක් පසුව ඇයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් සිදු වූ තුවාල හේතුවෙන් මියගිය බව CNN වාර්තාවේ දැක්වුණා.

World News

Send your contact Details Today