චීන සමාගමක් වන DeepSeek විසින් නිර්මාණය කරන ලද AI බලයෙන් ක්‍රියාත්මක වන Chatbot වේදිකාවක් මේ වන විට අමෙරිකාව තුළ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබෙනවා.
එය පසුගිය 2023 ජූලි මාසයේදී දි ආරම්භ කළ සමාගමක් වූවත්, DeepSeek AI යෙදුම අමෙරිකාවට නිකුත් කර තිබුණේ පසුගිය 10 වනදායි.
මේ වන විට ඇපල් උපාංගවල වැඩිපුරම නොමිලේ බාගත කළ යෙදුම බවට එය පත්ව තිබීම විශේෂත්වයක්.
මෙම යෙදුමේ හදිසි ජනප්‍රියතාවය මෙන්ම අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් වෙනත් AI සමාගම් හා සසඳන විට DeepSeek හි අඩු පිරිවැය හේතුවෙන් මූල්‍ය වෙළඳපොළවල් කඩා වැටී ඇති බව සඳහන්.
DeepSeek ට වඩාත්ම විශ්මයජනක හා ආකර්ෂණීය ඉදිරි ගමනක් ඇති බවයි අමෙරිකානු සිලිකන් නිම්න ව්‍යාපාර විශ්ලේශකයන් ප්‍රකාශ කර ඇත්තේ.
DeepSeek සමාගම පවසන්නේ එහි නවතම AI මාදිලි අමෙරිකා එක්සත් ජනපදයේ කෘතිම බුද්ධි කර්මාන්තයේ ප්‍රමුඛ මාදිලි සමඟ සමාන බවයි.
නමුත් ChatGPT වැනි AI මාදිලි නිර්මාණය කිරීමට වැය කළ පිරිවැයෙන් කොටසකක් පමණක් DeepSeek නිර්මාණයට වැයවීම විශේෂත්වයක්.
මෙම යෙදුම පිටුපස සිටින පර්යේෂකයන් පවසා ඇත්තේ එය ගොඩනැගීමට ඩොලර් මිලියන 6 ක් (£4.8) පමණක් වැය වූ බවයි.
එය අමෙරිකා එක්සත් ජනපදයේ AI සමාගම් විසින් වියදම් කරන ලද බිලියන ගණනට වඩා බෙහෙවින් අඩු අගයක් බවත් ඔවුන් සඳහන් කරනවා.
DeepSeek යනු ගිනිකොනදිග චීනයේ හැංෂෝ නගරයේ ආරම්භ කරන ලද චීන කෘතිම බුද්ධි සමාගමක් වන අතර, මේ වනවිට අමෙරිකානු කෘතිම බුද්ධි කර්මාන්තය උඩු යටිකුරු කිරීමට සමත්ව තිබෙනවා.