Latest News

ශ්‍රී ලංකාවට එරෙහිව පිතිකරණය සඳහා හෙඩ්ගේ තැන වෙනස් වෙයි?

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට එරෙහිව හෙටින් (29) ඇරඹීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ඔස්ට්‍රෙලියානු ආරම්භක පිතිකරු වෙනස් කරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව මෙතෙක් ඔස්ට්‍රෙලියානු ටෙස්ට් ආරම්භක ලැයිස්තුවේ නවකයෙකු වූ සෑම් කොන්ස්ටාස්ගේ තැන ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ට්‍රවිස් හෙඩ් හට හිමිකර දීමටයි එරට කළමනාකාරීත්වය තීරණය කර ඇත්තේ.

ඔස්ට්‍රෙලියාව මෑතක දී ටෙස්ට් ශූරතාවක් තරගාවලි ජයග්‍රහණයකින් අවසන් කිරීමට සමත් වූයේ සිය මව්බිමේ දී ඉන්දියාවට එරෙහිවයි.

එහිදී ආරම්භක පිතිකරු ලෙස වඩාත් කැපී පෙනෙන දක්ෂතා අතරට පිවිසීමට ආධුනික ක්‍රීඩක සෑම් කොන්ස්ටාස් හට හැකි වුව ද, ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේ දී බොහෝ විට කොන්ස්ටාස් හට 5 වැනි ස්ථානය හිමිගැන්වෙනු ඇති බවත් වාර්තා වනවා.

නමුත් ඒ පිළිබඳ ව නිශ්චිත ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නැති අතර මේ වනවිට ඔස්ට්‍රෙලියා පිතිකරණ ලැයිස්තුවේ 5 වැනි ස්ථානය ඉතිරි ව පවතිනවා.

හෙඩ් පසුගිය මහාද්වීප සංචාර තුළ දී උස්මන් කවාජා සමග එක්ව ගොඩනැගූ සබඳතා හේතුවෙන් ඔහුට පිතිකරණයේ පෙරමුණ ලබාදීමට තීරණය කර තිබෙනවා.

World News

Send your contact Details Today