Latest News

ලක්ෂ 3කට වැඩි පිරිසක් විනාශ වූ උතුරු ගාසා තීරයට ආපසු පැමිණෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පලස්තීන ජාතිකයන් ලක්ෂ 3කට වැඩි පිරිසක් විනාශ වූ උතුරු ගාසා තීරයට ආපසු පැමිණ තිබෙනවා.

සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමග ඊශ්‍රායලය පලස්තීනුවන්ට ගාසා තීරයේ තම නිවාස වෙත යළි ගමන් කිරීමට ඊයේ (27) අවසර ලබා දුන්නා.

එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තා අනුව ලක්ෂ 3 කට වැඩි පිරිසක් මෙලෙස දකුණු ගාසා තීරයේ සිට උතුරට පැමිණ ඇති බව සඳහන්.

පලස්තීනුවන් ගාසා භූමියේ උතුරට ගමන් කළද බොහෝ නිවාස විනාශ වී තිබීම හැර වෙන කිසිවක් සොයා ගත නොහැකි වනු ඇති.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය 2023 වසරේ ඔක්තෝබර් 7 වනදා ආරම්භ වුණා.

එතැන් සිට මේ දක්වා ගැටුම් වලින් පලස්තීනුවන් 47,317 ක් මිය ගොස් 111,494 ක් තුවාල ලබා සිටිනවා .

නිවාස සියල්ලම පාහේ ප්‍රහාර වලින් විනාශ වී තිබෙනවා.

World News

Send your contact Details Today