අමෙරිකාව විසින් විදෙස් රටවලට ලබාදෙන සියලුම ආධාර අත්හිටුවීමට සැලසුම් කරන බව BBC පුවත් සේවය වාර්තා කරනවා.
අමෙරිකානු බලධාරීන් විසින් විදෙස් රටවල පිහිටුවා ඇති අමෙරිකානු තානාපති කාර්යාල වෙත යැවූ රහසිගත ලිපියක් උපුටා දක්වමින් BBC පුවත් සේවය අනාවරණය කර තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අදාළ ලිපිය අනුව, සංවර්ධන සහ හමුදා ආධාර සියල්ලම අත්හිටුවීමට නියමිතයි.
ව්‍යාපෘති සම්බන්ධයෙන් සිදුකරන සමාලෝචනයකින් පසුව රාජ්‍ය ලේකම්වරයා විසින් තීරණ ගන්නා තෙක් නව ආධාර ලබාදීම ද අත්හිටුවන බවයි BBC වාර්තා කළේ.
2023 වසරේදී පමණක්, අමෙරිකාව ඩොලර් බිලියන 68ක් වෙනත් රටවලට ලබාදී තිබෙනවා.
පසුගිය දා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදෙස් සංවර්ධන ආධාර දින 90ක කාලයක් සඳහා අත්හිටුවන බව පවසමින් විධායක නියෝගයකට ද අත්සන් තැබුවා.