Latest News

ගාල්ලේ ටෙස්ට් තරගයෙන්, පැතුම් නිස්සංක ඉවතට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී නොවන බවට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ඒ ඔහුගේ ආබාධ තත්වය තවමත් සුව නොවී තිබීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මීට පෙර සිටම පැතුම් නිස්සංක ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සදහා සහභාහී නොවන බවට වාර්තා පළ වී තිබුණා.

එම තීරණය සම්බන්ධයෙන් අද (27) කණ්ඩායමේ කලමාකාරීත්වය විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත දැනුම් දී තිබීම ද විශේෂත්වයක්.

මේ අතර කමිදු මෙන්ඩිස් සහ ධනංජය සිල්වා ජනවාරි 29 වනදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු තත්වයේ පසුවන බව ද එහි වැඩිදුරටත් සඳහන්.

World News

Send your contact Details Today