Latest News

තාප තරංගයක් නිසා ඔස්ට්‍රේලියාවේ දැඩි ලැව්ගිනි අවදානමක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් තාප තරංගයක් ඇති වීමත් ස්මාග එහි ලැව්ගිනි අවදානම ඉහළ නංවා තිබෙනවා.

මේ නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට ගිනි දැල්වීම් තහනම් කිරීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.

මෙම අධික උෂ්ණත්වය 2019-2020 ව්‍යසනකාරී “කළු ගිම්හානය” පිළිබඳ මතකයන් නැවත ගෙන එන බවයි නිලධාරීන් පවසන්නේ.

එහිදී ඇතිවූ ලැව් ගිනි මගින් ඔස්ට්‍රේලියාවේ තුර්කියට සමාන ප්‍රමාණයේ භූමි ප්‍රදේශයක් විනාශ වූ අතර, පුද්ගලයින් 33 දෙනෙකු සහ බිලියන ගණනක් සතුන් මිය ගියා.

ඔස්ට්‍රේලියානු කාලගුණ අනාවැකි අංශ අනතුරු අඟවා ඇත්තේ වික්ටෝරියා අගනුවර වන මෙල්බර්න් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 (ෆැරන්හයිට් අංශක 105.8) ට වඩා වැඩි විය හැකි බවයි.

එය ජනවාරි මාසයේ නගරයේ සාමාන්‍ය උපරිම උෂ්ණත්වයට වඩා වැඩි අගයක්.

වික්ටෝරියානු කලාප පහක දෙවන ඉහළම මට්ටමේ ලැව්ගිනි අවදානම් නිකුත් කර ඇති අතර, නිව් සවුත් වේල්ස්, දකුණු ඔස්ට්‍රේලියාව, බටහිර ඔස්ට්‍රේලියාව, ක්වීන්ස්ලන්තය සහ උතුරු ප්‍රදේශය යන ප්‍රාන්ත සඳහා තාප තරංග අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

World News

Send your contact Details Today