Latest News

ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධි ව්‍යාපෘතියකට Microsoft සමාගමෙන් ඩොලර් බිලියන 3ක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මීළඟ වසර දෙක තුළ ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධි යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සඳහා ම Microsoft සමාගම විසින් අමෙරිකානු ඩොලර් බිලියන 3ක ආයෝජනයක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩේලා පසුගියදා නිවේදනය කර ඇත්තේ ඉන්දීය රජයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මුලපිරීම්වලට අනුව ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධි ඒකකය සමඟ ඒකාබද්ධව එම සංවර්ධන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

වර්තමානය වන විට වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා ඉන්දියාවේ ඇති ඉල්ලුම සහ ගෝලීය ආර්ථිකයට එමඟින් සිදුවන බලපෑම සැලකිල්ලට ගනිමින් ආරම්භ කිරීමට නියමිත එම ව්‍යාපෘතිය මඟින් ඉන්දියාව ලොව විශාලතම කෘත්‍රිම බුද්ධි ආර්ථිකය බවට පත්වනු ඇතැයි ද අනාවැකි පළ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

එම ව්‍යාපෘතිය තුළින් ඉදිරියේදි ඉන්දියාවේ සෞඛ්‍ය, බැංකු, මූල්‍ය සහ අධ්‍යාපනික ක්ෂේත්‍ර තුළ කැපී පෙනෙන ප්‍රගතියක් සිදුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

World News

Send your contact Details Today