Latest News

පාකිස්තානයේ බන්ධනාගාරවල රැඳවූවන්ගේ ධාරිතාව 300% ඉක්මවයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානය පුරා පිහිටි බන්ධනාගාර 128ක රැඳවූවන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් රඳවා තබා ඇති බවත් නියමිත ධාරිතාවට වඩා වැඩි රැඳවූවන් ප්‍රමාණයක් රඳවා තැබීම හේතුවෙන් බන්ධනාගාර තදබදයක් නිර්මාණය වී තිබෙන බවත් එරට ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කරනවා.

පාකිස්තාන අධිකරණ ව්‍යාපෘති වාර්තාවකට අනුව එරට ඇතැම් බන්ධනාගාරවල රැඳවූවන්ගේ ධාරිතාව 300% ඉක්මවා තිබෙන බවයි ට්‍රිබියුන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ.

සමස්ත රැඳවූවන්ගෙන් 73.41% ක් මේ වනවිට නඩු විභාගවලට පෙනී සිටින බවත්, අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාදවීම සහ ඇප ලබාදීමේ හා සමාව පිරිනැමීමේ ක්‍රමවේදයේ දුර්වලතා ඊට හේතු වී ඇතැයි ද ට්‍රිබියුන් පුවත් සේවය සඳහන් කරනවා.

රැඳවූවන්ගේ ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් පන්ජාබ් ප්‍රාන්තයේ නව බන්ධනාගාර 4ක් ඉදි කළ ද, 37,217ක් රැඳවීම සඳහා සකස් කර ඇති එම ප්‍රාන්තයේ සමස්ත බන්ධනාගාරවල මේ වන විට රැඳවූවන් 61,813ක් සිටින බව පාකිස්තාන අධිකරණ ව්‍යාපෘති වාර්තාවෙන් පෙන්වා දී තිබෙන බවත් වාර්තා වනවා.

World News

Send your contact Details Today