ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට ගත් තීරණය යළි සලකා බලන බව ලාස් වේගාස් නුවර පැවැති උත්සවයකදී අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව ජනාධිපතිධුරයේ දිවුරුම් දුන් දිනයේදිම ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබූ අතර, ඒ පිළිබඳ කනස්සල්ල පළ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් ද නිකුත් කර තිබුණා.
කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අමෙරිකානු සාමාජිකත්වය අහෝසිවීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි මස 22 වැනිදා බැවින් ජනාධිපතිවරයාට සිය තීරණය වෙනස් කිරීමට වසරක කාලයක් ඉතිරිව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.