Latest News

අමෙරිකාවෙන්, කොළොම්බියාවට සම්බාධක

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව විසින් කොළොම්බියාවට එරෙහිව නව තීරුබදු සහ සම්බාධක පනවා තිබෙනවා.

ඒ අමෙරිකාව විසින් පිටුවහල් කෙරූ සංක්‍රමණිකයින් රැගත් ගුවන් යානා දෙකක් ‍කොළොම්බියාව විසින් ප්‍රතික්ශේප කිරීම සහ අමෙරිකානු භාණ්ඩ සඳහා 25%ක තීරුබදු වැඩි කිරීමත් සමඟයි.

කොළොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විසින් සංක්‍රමණිකයින් රැගත් ගුවන් යානා ප්‍රතික්ශේප කිරීම තුළින් සිය ජාතික ආරක්ෂාව අනතුරේ හෙළු බවට අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් චෝදනා කරනවා.

මේ අතර ඩොනල්ට් ට්‍රම්ප් නියෝග කළේ කොළොම්බියාවෙන් පැමිණෙන භාණ්ඩ සඳහා ද 25%ක තිරු බදු පනවන ලෙසයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ එය සතියක් තුළ 50%ක් දක්වා වර්ධනය විය හැකි බවටයි.

එමෙන්ම කොළොම්බියානු රජයේ නිළධාරීන්ට සංචාරක තහනම් වීසා අවලංගු කිරීම් සහ මූල්‍ය සම්බාධක පැනවීම කෙරෙහි ද අමෙරිකානු ජනාධිපතිවරයා අවධානය යොමු කර තිබෙනවා.

මේ අතර කොළොම්බියානු ජනාධිපතිවරයා මෙම ගුවන් ගමන් සඳහා අවසර දී තිබු අතර පසුව ගුවන් යානා ගුවනේ තිබියදී ඔහුගේ අවසරය අවලංගු කළ බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ.

World News

Send your contact Details Today