ලැව් ගිනිවලින් විනාශයට පත් ප්‍රදේශවල සංචාරය කිරීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තා.
ලැව්ගිනි හේතුවෙන් කැලිෆෝනියාවට බරපතල හානි සිදු වුණා.
ප්‍රාන්තයෙන් විශාල පිරිසක් තවදුරටත් ඉවත් කර තිබෙනවා.
සිදුව ඇති හානිය දැකබලා ගැනීම සඳහායි අමෙරිකා ජනාධිපතිවරයා කැලිෆෝනියාවට පැමිණියේ.
මෙම ලැව්ගිනිවලින් වනාන්තර රැසක් විනාශයට පත් වුණා.
පවතින දැඩි සුලං තත්ත්වය හා වියළි කාලගුණය හේතුවෙන් ලැව්ගිනි නිවා දැමීම බරපතල ගැටලුවක් වී තිබෙනවා.
මේ පිළිබඳව අමෙරිකා ජනාධිපතිවරයා සොයා බලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.