ඊශ්රායල – හමාස් සටන් විරාම ගිවිසුම යටතේ දෙවන සිරකරු හුවමාරුව අද සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව හමාස් භාරයේ සිටින ඊශ්රායල ප්රාණ ඇපකරුවන් 4 දෙනෙකු වෙනුවට පලස්තීනුවන් 180 දෙනෙකු නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
එසේම පළමු හුවමාරුවේදී ප්රාණ ඇපකරුවන් තිදෙනෙකු සහ සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කර තිබෙනවා.
2023 ඔක්තෝබර් 07 වනදා හමාස් සංවිධානය ඊශ්රායලයට පහර දෙමින් ඇරඹි යුද්ධය සටන් විරාමයෙන් නතර වූ අතර ඊශ්රායල ප්රහාරවලින් පලස්තීනුවන් 47,200 කට වැඩි පිරිසක් මිය ගියා.