මැලේසියාවේ පැවැත්වෙන ICC U19 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ, සුපිරි හයදෙනාගේ වටයේ තරග අදින් (ජනවාරි 25) ආරම්භ වනවා.
ඒ අනුව අමෙරිකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම ආරම්භයේදී තරගවදිනු ඇති.
ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි හයදෙනාගේ වටයේදී තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර, එහි පළමු තරගය හෙට (26) ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින දෙවන තරගය ඔස්ට්‍රේලියාව සමඟ එළඹෙන 29 වැනිදා පැවැත්වෙනු ඇති.