Latest News

Adidas සමාගම සිය ජර්මන් මූලස්ථානයේ, රැකියා කප්පාදුවක් සිදු කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක ප්‍රකට Adidas සමාගම සිය ජර්මන් මූලස්ථානයේ, රැකියා අවස්ථා 500 ක් දක්වා කපා හැරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

ලොව දෙවන විශාලතම ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදකයා ලෙස සැලකෙන සමාගමේ, පුද්ගලයින් 5,800 ක් පමණ සේවයේ නියුක්ත බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

සැලසුම් කරැති රැකියා කප්පාදුව පිළිබඳව මීට ඉහත සමාගම් කළමනාකරු විසින් දැනුම් දීමක් ද සිදුකර තිබෙනවා.

කෙසේ නමුත් සමාගම කොපමණ රැකියා ප්‍රමාණයක් කපා හරිනු ඇත්දැයි නිල වශයෙන් තීරණය කර නොමැති බව සඳහන්.

නමුත් තනතුරු 500 ක් දක්වා ප්‍රමාණයකට බලපෑම් ඇති විය හැකි බව‍යි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today