ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා ප්‍රාන්තයේ අධික වර්ෂාපතනය හේතුවෙන් සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා.
එමෙන්ම නාය යෑම හේතුවෙන් තවත් පුද්ගලයින් 08 දෙනකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අතුරුදන්වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කළ බව එරට ආපදා කළමනාකාරණ ඒජන්සිය ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
එමෙන්ම ඉදිරි දින කිහිපයේදී වර්ෂාපතනය ඉහළ යනු ඇතැයි පළවූ කාලගුණ අනාවැකි හේතුවෙන් අවට ප්‍රදේශවල ජනතාවට ඉවත්වන ලෙස එරට බලධාරින් දැනුම් දී තිබෙනවා.
නාය යෑමෙන් විනාශයට පත්වූ ගොඩනැඟිලි සහ නිවාස සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.