Latest News

පාකිස්තානයේ සරසවි 17ක් වැසෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ලෙස විද්වතුන් නොවන රජයේ නිලධාරින් පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව එරට සින්ද් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල 17ක ආචාර්යවරු සහ කාර්ය මණ්ඩල විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 16 වැනිදා ආරම්භ වූ එම විරෝධතාව සහ වර්ජනය අඛණ්ඩව සිදුවන බවත්, කරච්චි විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ද ඊට එක්වී සිටින බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

එම විරෝධතා හා වර්ජන හේතුවෙන් එම විශ්වවිද්‍යාල වසා දැමීමට සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

විද්වතුන් නොවන රාජ්‍ය නිලධාරින් උපකුලපතිවරුන් ලෙස පත් කිරීමට විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම හෙළා දකින බවට සමස්ත පාකිස්තාන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එම සංශෝධන වහා ඉවත් කරන ලෙස පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම තීරණයෙන් අධ්‍යාපන ආයතනවල ස්වාධීනත්වයට සහ අධ්‍යාපනික ගුණාත්මකභාවයට තර්ජනයක් එල්ල වනු ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

සිය ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර නොලැබෙන්නේ නම් පාකිස්තානය පුරා සියලු විශ්වවිද්‍යාල එම විරෝධතාවට සහ වර්ජනයට එක්වනු ඇතැයි ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය රජයට අනතුරු අඟවා තිබෙන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today