අමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුගේ පරිපාලනය වෙනිසියුලාවෙන් තෙල් මිලදී ගැනීම නවතා දැමීමට යන බව ප්‍රකාශ කළා.
“වසර විස්සකට පෙර එය විශිෂ්ට රටක් වුණා. දැන් එය අවුල් ජාලයක්,” යනුවෙන් බවයි ට්‍රම්ප් ඔහුගේ දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසු ඔවල් කාර්යාලයේදී මාධ්‍යවේදීන්ට පැවසුවේ.
“අපට ඔවුන්ගේ තෙල් මිලදී ගැනීමට අවශ්‍ය නැහැ. අපට අපේම තෙල් ප්‍රමාණවත්ව තියෙනවා.” ලෙස ද ඔහු සඳහන් කළා.
සඳුදා දින ට්‍රම්ප් එක්සත් ජනපද තෙල් හා ගෑස් නිෂ්පාදනය උපරිම කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කළ අතර, ඒ යටතේ ජාතික බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමද ඇතුළත් වුණා.
එමෙන්ම ඔහු පැරිස් දේශගුණික ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත් කරමින් විධායක නියෝගයකට අත්සන් තැබුවා.
OPEC සංවිධානයට අනුව 2023 වසර අවසානය වන විට බැරල් බිලියන 300කට වැඩි ප්‍රමාණයක් සමඟ ලොව විශාලතම සනාථ කරන ලද ඛනිජ තෙල් සංචිත වෙනිසියුලාව සතුව පවතිනවා.
2019 දී පළමු ට්‍රම්ප් පරිපාලනය යටතේ එක්සත් ජනපදයට තෙල් සැපයූ වෙනිසියුලානු රාජ්‍ය තෙල් සමාගම වන පෙට්‍රෝලියෝස් මත සම්බාධක පැනවූ අතර ආනයන සැලකිය යුතු ලෙස පහත වැටුණා.
බයිඩන් පරිපාලනය පසුව සමහර සීමා ලිහිල් කළ අතර, චෙව්රන් වැනි සමාගම්වලට සීමිත කොන්දේසි යටතේ ක්‍රියාත්මක වීමට ඉඩ දුන් සමාගම් විශේෂිත බලපත්‍ර පවත්වාගෙන ගියා.
2024 අප්‍රේල් මාසයේදී මැතිවරණ සමයේ එක්සත් ජනපදය වෙනිසියුලාව මත තෙල් සම්බාධක නැවත පැනවූවා.
වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ විවාදාත්මක මැතිවරණයකින් පසු ජනවාරි 10 වන දින දිවුරුම් දුන්නා.
විපක්ෂ නායිකා මරියා කොරීනා මචාඩෝ මදුරෝගේ දිවුරුම් දීම “රාජ්‍ය කුමන්ත්‍රණයක්” සහ ජාතික ව්‍යවස්ථාවේ උල්ලංඝනයක් ලෙස හැඳින්වූවා.
චීන කොමියුනිස්ට් පක්ෂය මදුරෝට සහය දක්වන්නෙකු වූ අතර 024 ජූලි මාසයේ ප්‍රකාශයක චීන නායක ෂී ජින්පිං පැවසුවේ, “චීනය සෑම විටම වෙනිසියුලාවේ ස්වෛරීභාවය, ජාතික අභිමානය සහ සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමේ උත්සාහයන්ට දැඩි ලෙස සහාය දක්වනු ඇත” ලෙසයි.