Latest News

ග්‍රීන් කාඩ්පත් ඉල්ලුම් කිරීමේ දී තිබූ නීතියක්, ට්‍රම්ප් සංශෝධනය කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවති නීතියක් සංශෝධනය කර තිබෙනවා.

ඒ ග්‍රීන් කාඩ්පත් ඉල්ලුම් කිරීමේ දී මෙතෙක් සලකා බැලූ කොවිඩ් 19 එන්නත ලබා ගැනීම ගැන ලියකියවිලි ඉදිරිපත් කිරීම තවදුරටත් අත්‍යවශ්‍ය කාරණයක් නොවන බවට තහවුරු කරමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය පිළිබඳ ව සලකා බැලීමේ දී මෙතෙක් අවධානයට ලක් කෙරුණු කොවිඩ් 19 කාඩ්පත ට්‍රම්ප් පරිපාලනය විසින් ඉවත් කරන ලද ඇති බවට නිවේදනය කර ඇති බවයි.

නීත්‍යනුකූල ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම්කරුවන්ට කොවිඩ්-19 එන්නත ලබාදීම සඳහා සාක්ෂි සැපයීමට අවශ්‍ය ඕනෑම සහ සියලු අවශ්‍යතා අත්හරින බව එක්සත් ජනපද පුරවැසිභාවය සහ ආගමන සේවා (USCIS) ද නිවේදනය කරනවා.

World News

Send your contact Details Today