Latest News

යුක්‍රේන යුධ ගැටුම්වල සිටි උතුරු කොරියානු සෙබළුන් 1,000ක් මිය යයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයේ – කර්ස්ක්හි පවතින යුධ ගැටුම් අතරතුර උතුරු කොරියානු සෙබළුන් දහසක් පමණ මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එසේම යුධ භටයින් 4,000 කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි එම වාර්තා සඳහන් කළේ.

පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්වා උතුරු කොරියානු හමුදා භටයන් 11,000ක් පමණ යුක්‍රේනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් දකුණු කොරියානු බුද්ධි අංශ වාර්තා පෙන්වා දී ඇත්තේ මෙම උතුරු කොරියානු හමුදා භටයන් නිසි සුදානමකින් තොරව යුක්‍රේන යුධ ගැටුම් සදහා යොමු කර ඇති බවයි.

World News

Send your contact Details Today