වික්ටෝරියානු ප්‍රදීපාගාරය මේ වන විට සංචාරකයින් සඳහා නැවත විවෘත කර තිබෙනවා.
ඒ අනුව Cape Otway හි පිහිටි මෙම ප්‍රදීපාගාරයේ ඉහළට නැගීමට යළිත් වික්ටෝරියානුවන්ට අවස්ථාව හිමිවනවා.
කෙසේ වෙතත්, 2023 ඔක්තෝම්බර් මාසයේදී රික්ටර් මාපක 5.0 ක භූමිකම්පාවකින් පසු Otway කඳුකරයට සිදුවු බලපෑමත් සමඟ එහි ආරක්ෂිත පරීක්ෂණ සඳහා ප්‍රදීපාගාරය වසා දමනු ලැබුවා.
වික්ටෝරියා උද්‍යාන සහ විශේෂඥ කොන්ත්‍රාත්කරුවන් සමඟ එක්ව මාස ගණනක ප්‍රතිසංස්කරණයෙන් පසුව සංචාරකයින්ට ප්‍රදීපාගාර කුළුණට නැඟීමට නැවත වරක් අවස්ථාව හිමි වුණා.
මෙහි කුළුණට නැගීමෙන් වඩාත් ආකර්ෂණීය වටපිටාවක් දැකගැනීමේ අවස්ථාව සංචාරකයින්ට හිමිවනවා.
කෙසේ වෙතත් ඉදිරියේදී මෙම ප්‍රදේශ තවදුරටත් ප්‍රතිසංස්කරමින් සංරක්ෂණය කිරීමට කටයුතු කරන බව සඳහන්.
1848 දී ඉදිකරන ලද මෙම ප්‍රදීපාගාරය නාවිකයින් සහ බ්‍රිතාන්‍ය සංක්‍රමණිකයන් රැගෙන යන නැව් සඳහා ‘බලාපොරොත්තුවේ ආලෝකයක්’ ලෙස ඉතිහාසයේ පටන් ප්‍රසිද්ධියට පත්ව තිබුණා.