Latest News

වසර 18ක නඩුවෙන් පසුව “සන්” හිමිකරු හැරී කුමරුගෙන් සමාව අයදියි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රූපට් මර්ඩොක්ගේ නිව්ස් ගෲප් පුවත්පත් සමාගමට එරෙහි නීතිමය නඩුව හැරී කුමරු සමථයකට පත් කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ අදාළ සමාගම හැරී කුමරුගෙන් සමාව අයැද වන්දි ලබා දීමට එකඟතාව පළ කිරීමත් සමගයි.

සන් පුවත්පතේ හිමිකරු ප්‍රථම වතාවට මෙලෙස ප්‍රසිද්ධියේ හැරී කුමරුගේ පෞද්ගලික ජීවිතයට “බරපතල ලෙස ඇඟිලි ගැසීම” සම්බන්ධයෙන් “සම්පූර්ණ හා පැහැදිලි සමාවක්” අයැද සිට ඔහුට සැලකිය යුතු වන්දි ගෙවීමට එකඟ වීම විශේෂත්වයක්.

මීට අමතරව ඔහුගේ අභාවප්‍රාප්ත මව වන ඩයනා කුමරියගේ පෞද්ගලික ජීවිතයට බරපතල ඇඟිලි ගැසීමක් සම්බන්ධයෙන් ද පුවත්පත හැරී කුමරාගෙන් සමාව අයැද ඇති බව සඳහන්.

මෙය හැරී කුමරුට ලැබුණු දැවැන්ත ජයග්‍රහණයක් වූවත්, නඩුව මහාධිකරණයට ගොස් පූර්ණ නඩු විභාගයකට පෙර වලක්වා ගත් පියවරක් බවයි විචාරකයන් පවසන්නේ.

මෙම නඩුව පසුගිය වසර 18 පුරා පැවතුණා.

World News

Send your contact Details Today