Latest News

කටකතාවක් නිසා දුම්රිය මගීන් 13 දෙනෙකුට දිවි අහිමිවෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ ජල්ගාඕන් හරහා ගමන් කරමින් තිබූ දුම්රියක ගමන් ගත් මගීන් 13 දෙනෙකු වෙනත් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ ඔවුන් ගමන් ගත් දුම්රියේ ගින්නක් ඇති බවට පැතිර ගිය කටකතාවක් හේතුවෙන් මගීන් භීතියට පත් වීම නිසයි.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දුම්රියෙන් පැන තවත් දුම්රියකට යට වී මිය ගිය බවයි පොලීසිය පවසන්නේ.

මුම්බායි සිට කිලෝමීටර් 400 ක් දුරින් පිහිටි පචෝරා අසල මහේජි සහ පර්ධාඩේ දුම්රිය ස්ථාන අතර මෙම අනතුර සිදුව තිබෙනවා

ලක්නව් සිට මුම්බායි දක්වා ධාවනය වන දිනපතා සුපිරි අධිවේගී දුම්රියක් වන ලක්නව්-මුම්බායි පුෂ්පක් එක්ස්ප්‍රස් දුම්රියේ, සවස 5 ට පමණ ගින්නක් පිළිබඳ කටකතාවක් හේතුවෙන් එහි ගමන් ගත් මගීන් එහි දම්වැල ඇදීම හේතුවෙන්, දුම්රිය නතර කර ඇති බව මධ්‍යම දුම්රිය නිලධාරීන් පවසනවා.

පුෂ්පක් එක්ස්ප්‍රස් දුම්රියේ සිටි සමහර මගීන් ගින්නට බියෙන් බිමට බැස ඇති අතර එම අවස්ථාවේ බැංගලෝර් සිට දිල්ලිය බලා යන ඉදිරියෙන් පැමිණි කර්ණාටක එක්ස්ප්‍රස් දුම්රියේ ගැටුණු බවයි මධ්‍යම දුම්රිය ප්‍රධාන ප්‍රකාශක සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ වන විට මියගිය 13 දෙනාගෙන් හත් දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉතිරි හය දෙනා පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

අතුරුදහන් වූ ශරීර කොටස් සෙවීම තවදුරටත් සංකීර්ණ වී ඇති බවයි එහි කටයුතු සිදුකරන නිලධාරීන් පවසා ඇත්තේ.

World News

Send your contact Details Today