Latest News

පෝලන්තයේ පතලක මීතේන් දහනය වීමක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු පෝලන්තයේ පතලක, මීතේන් (ගෑස්) දහනය වීමෙන් පසු ඉන් සේවකයින් ඉවත් කරමින් සිටින බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

ගල් අඟුරු පතලේ පුද්ගලයින් 44 දෙනෙකු පමණ සිට ඇති අතර, ඔවුන්ගෙන් 10 දෙනෙකු තුවාල ලැබූ බවයි රාජ්‍ය පතල් අධිකාරිය සඳහන් කරන්නේ.

ප්‍රදේශයෙන් සේවකයින් ඉවත් කිරීමේ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වනවා.

කෙසේවෙතත් පිළිස්සුම් තුවාල සිදුවී ඇති සේවකයන් බරපතල තත්ත්වයේ පසු නොවන බව සඳහන්.

තුවාලකරුවන්ව ප්‍රවාහනයට ගුවන් ගිලන් රථයක් එම ස්ථානයට යවා ඇති බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ.

World News

Send your contact Details Today