Latest News

හඳුනා නොගත් රෝගයකින් කාශ්මීරයේ 17 දෙනෙකු ජීවිතක්ෂයට (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හඳුනා නොගත් රෝගයකින් ඉන්දියාවේ කාශ්මීරයේ පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පවුල් තුනකට අයත් පුද්ගලයන් මෙලෙස මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

කාශ්මීරයේ රජෝරි දිස්ත්‍රික්කයේ බඩාල් ගම්මානයේ මෙම මරණ සිදුව තිබෙනවා.

මෙම මරණ හේතුවෙන් ගම්මුන් බියෙන් පසු වන බව ද විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම මරණ විමර්ශනය සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව සඳහන්.

පසුගිය දෙසැම්බර් 07 වනදා පළමු වරට මෙම අද්භූත රෝගය මතුව ඇති බවට වාර්තා වනවා.

ඉන් පසු එම ගම්මානයෙන් මරණ පහක් වාර්තා වී තිබෙනවා.

එක පවුලක සාමාජිකයින් 08 දෙනෙකුම මෙම රෝගයෙන් මිය ගිය බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today