Latest News

රථ වාහන වැරදි සිදුකරන රියදුරන් අල්ලන්න ශ්‍රී ලංකා පොලීසියෙන් මෘදුකාංගයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නව තාක්ෂණය උපයෝගි කරගනිමින් කොළඹ නගරයේ රථ වාහන වැරදි සිදුකරන රියදුරන් හඳුනා ගැනීම සඳහා නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලීසිය මගින් හඳුන්වා දී තිබෙනවා.

මාර්ග අනතුරු අවම කරගැනීම සහ රථ වාහන වැරදි සිදුකරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙම නව ව්‍යාපෘතිය මගින් සිදුකිරීමට අපේක්ෂා කරනවා.

රියදුරන්ගේ අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් පසුගිය කාල සීමාව තුළ කොළඹ නගරයේ මාර්ග අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුණා.

මෙම මාර්ග අනතුරු අවම කරගැනීම සඳහා නව තාක්ෂණය උපයෝගි කරගත් මෘදුකාංගයක් හඳුන්වා දීම වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණා..

මෙම නව මෘදුකාංගය මගින් කොළඹ නගරය තුළ රථ වාහන වැරදි සිදුකරන රියදුරන් කොළඹ ප්‍රධාන CCTV මෙහෙයුම් මැදිරියේ CCTV පද්ධතිය මගින් නිරීක්ෂණය කෙරෙනවා.

අනතුරුව එම වරද රියදුරා පදිංචි පොලිස් වසමේ පොලීසියට දැනුම් දී රියදුරුට අදාළ දඩකොළ ලබාදීම සිදුවනවා.

World News

Send your contact Details Today