Latest News

රිදියගම අලුත උපන් සිංහ පැටවුන්ට නම් තැබීමට ඔබටත් අවස්ථාවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අම්බලන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ උපත ලබා සිටින සිංහ පැටවු හය දෙනා සඳහා නම් තැබීමට මහජනතාවට අවස්ථාව හිමිවී තිබෙනවා.

රිදියගම සෆාරි උද්‍යානයේ සිටින ලාරා සිංහ මවට හා ඩෝරා සිංහ දුවට උපන් සිංහ පැටවු හය දෙනාට මේ වන විට මාස තුනක් පමණ ගත වී තිබෙන අතර ඉදිරි මාසයේ මහජන ප්‍රදර්ශනයට මෙම පැටවුන් යොමුකරන බැවින් නම් තැබිමට මහජනතාවටද අවස්ථාවක් සලසා ඇති බවයි අම්බලන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ.

ඩෝරා සිංහ මවට ගැහැණු පැටවු තිදෙනෙක් හා ලාරා සිංහ මවට ගැහැණු පැටවු දෙදෙනෙක් හා පිරිමි එක් පැටවෙක් උපත ලබා තිබෙනවා.

ඒ අනුව පිරිමි එක් පැටවෙකුට හා ගැහැණු පැටවු පස් දෙනෙකුට නම් තැබිමට ඔබට අවස්ථාව හිමි වනවා.

ඔබ කළ යුත්තේ තැපැල් පතක සිංහ පැටවු සඳහා යෝජනා කරන නම පැහැදිලිව සටහන් කර දුරකතන අංකය සහිතව අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයට යොමු කිරීම බවයි අධ්‍යක්ෂවරයා පැවසුවේ.

World News

Send your contact Details Today