දුර්ලභ ශීත කුණාටුවක් හේතුවෙන් අමරිකාවේ දකුණුදිග ප්‍රදේශවලට බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ හේතුවෙන් අමරිකාවේ ටෙක්සාස්හි අධිවේගී මාර්ග හා ගුවන්තොටුපොළ වසා දමා තිබෙනවා.
නිරිතදිග ලුසියානා ප්‍රාන්තයට ප්‍රථම වරටයි මෙලෙස හිම කුණාටු අනතුරු ඇඟවීමක් සිදු කර ඇත්තේ.
මුහුදු රළ පවා ඉහළ යමින් පවතින අතර එය මෙම ප්‍රාන්තයේ දුර්ලභ දසුනක්.
අමරිකා ජාතික කාලගුණ සේවය ප්‍රකාශ කළේ නැගෙනහිර ටෙක්සාස් සිට බටහිර ෆ්ලොරිඩා පෑන්හැන්ඩල් හරහා හිම පතනය පැයකට අඟලක් හෝ ඊට වැඩි අගයක් ගනු ඇති බවයි.
මේ හේතුවෙන් අමරිකාව තුළ ගුවන් ගමන් 2,200 කට වඩා අවලංගු කර ඇති අතර තවත් 3,000 ක් ප්‍රමාද වී තිබෙනවා.
නිව් යෝර්ක් ප්‍රාන්තයේ ද සමහර ප්‍රදේශ තවත් හිම කුණාටුවක බලපෑමට ලක්ව ඇති අතර අඟල් 18ක් පමණ හිම වලින් වැසී පවතිනවා.