Latest News

මියන්මාර හමුදාව සහ සුළුතර සන්නද්ධ කණ්ඩායමක් අතර සටන් විරාමයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මියන්මාර හමුදාව සහ මියන්මාර ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන හමුදාව අතර සටන් විරාමයක් සඳහා විධිමත් ගිවිසුමකට අත්සන් තැබූ බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.

පසුගිය කලාය පුරා දෙපාර්ශ්වයම දෙරටේ දේශසීමාව අසල සටන් කළ අතර, මේ අනුව එම සටන්වලට විරාමයක් හිමිවනු ඇති.

චීනයේ නිරිතදිග නගරයක් වන කුන්මිංහිදී දෙපාර්ශ්වය සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය දරන උත්සාහයට දෙපාර්ශ්වයම ස්තූති කළ බවයි චීන අමාත්‍යාංශ ප්‍රකාශක නිත්‍ය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ.

උතුරු මියන්මාරයේ තත්ත්වය සන්සුන් කිරීම, චීනයේ සහ කලාපයේ සියලුම රටවල පොදු අවශ්‍යතාවයක් වන අතර චීනය සහ මියන්මාරය අතර දේශසීමා ප්‍රදේශවල ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සංවර්ධනයට දායකවන බව ඇය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මියන්මාර ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන හමුදාව තම භූමි ප්‍රදේශ ලෙස සලකන ප්‍රදේශවලින් මියන්මාර හමුදාව පලවා හැරීමට සටන් කරන වාර්ගික සුළුතර සන්නද්ධ කණ්ඩායම් කිහිපයකින් එකක් බව සඳහන්.

World News

Send your contact Details Today