යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ගිවිසුමකට එළැඹිය යුතු බවයි ඔහු පැවසුවේ.
යුද්ධය අවසන් කිරීමට සාම ගිවිසුමක් අවශ්‍ය බව යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි තමාට දැන්වූ බව ජනපති ට්‍රම්ප් සඳහන් කළා.
ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර සඳහන් කළේ, තමන් ජනපති වූ වහාම රුසියා – යුක්‍රේනය යුද්ධය අවසන් කරන බවයි.