Latest News

අමෙරිකාවේ ඉවත්වීම ගැන WHO වෙතින් නිවේදනයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා එක්සත් ජනපදය, සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඒ පිළිබඳව නැවත අමෙරිකාව සිතා බලනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

හදිසි සෞඛ්‍ය අවස්ථා හඳුනාගැනීම, වැළැක්වීම සහ ප්‍රතිචාර දැක්වීම මෙන්ම අනෙක් අයට ළඟාවීමට නොහැකි ස්ථානවලට ගොස් රෝග සඳහා මුල්වන හේතුවලට විසඳුම් සෙවීම, ශක්තිමත් සෞඛ්‍ය පද්ධති ගොඩනැගීම තුළින් අමරිකානුවන් ඇතුළු ලෝක ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආරම්භ සාමාජිකයකු බවත් දශක හතක කාලය තුළදී අමෙරිකාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව ජීවිත විශාල සංඛ්‍යාවක් බේරාගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වන බව අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

කොවිඩ් වසංගතය ඇතුළු ගෝලීය සෞඛ්‍ය අර්බුද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවැරදිව කළමනාකරණ නොකළ බව චෝදනා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය දැනුම් දුන්නා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශපාලන බලපෑම්වලින් මිදී කටයුතු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් වූ බවටයි ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේ.

අනෙක් සාමාජික රටවලට සාපේක්ෂව ලෝක සෞඛ්‍ය සංවිධානය අසාධාරණ අයුරින් විශාල ගෙවීම් අමෙරිකාවෙන් බලාපොරොත්තුවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා.

World News

Send your contact Details Today