ඔස්ට්‍රේලියානු බෙල්ලන් විශේෂයකට ශරීරය තුළ පවතින බැක්ටීරියා වර්ග මර්ධනය කළ හැකි බවට නවතම අධ්‍යයනයක දී සොයා ගෙන තිබෙනවා.
මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ Southern Cross විශ්ව විද්‍යාලය විසින් වීම ද විශේෂත්වයක්.
සැකොස්ට්රියා ග්ලෝමරාටා නමින් හදුන්වන සිඩ්නි පාෂාණ බෙල්ලන් (Sydney Rock Oysters) විශේෂය තුළ තුළ අන්තර්ගත රැධිරයට සමාන හිමොලිම්ෆ් හි පවතින ප්‍රෝටීනයකට මිනිස් ශරීරය තුළ අන්තර්ගත බැක්ටීරියා විනාශ කර දැමීමේ හැකියාව පවතින බවට හඳුනාගෙන තිබෙනවා.
එමගින් ප්රතිජීවකයන්ගේ කාර්යක්ෂමතාවය ද වැඩි දියුණු කරන බව ද අනාවරණය වී තිබෙන බවයි මෙම අධ්‍යයනය සිදු කළ ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් කණ්ඩායම විසින් පෙන්වා දෙන්නේ.
මේ හරහා ස්වාභාවිකව සිදු කරන නිෂ්පදනයන් භාවිතා කරමින් ඉදිරියේ දී බැක්ටීරියා ආසාදනවලට ප්‍රතිකාර කළ හැකි බවටයි අනුමාන කෙරෙන්නේ.
අදාළ බෙල්ලන් විශේෂය තුළ අන්තර්ගත හිමොලිම්ෆ් මිනිස් පෙනහළු වලට අහිතකර නොවන බව ද මෙම අධ්‍යයනයේ දී හදුනාගෙන තිබෙන බව ද වැඩිදුරටත් සඳහන්.