Latest News

යුක්‍රේනය ගැන අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට පුටින්ගේ සූදානමක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේන ගැටුම සම්බන්ධයෙන් අමෙරිකාවේ නව රජය සමග සාකච්ඡා කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව රුසියාවේ ජනාධිපති Vladimir Putin පවසනවා.

ඔහු ඊයේ (20) පැවති ෆෙඩරල් ආරක්ෂක කවුන්සිලයේ ස්ථාවර සාමාජිකයින්ගේ වීඩියෝ ආකාරයෙන් පැවති සම්මන්ත්‍රණයකදී මේ බව ප්‍රකාශ කළා.

යුක්‍රේන ගැටුමට මැදිහත්වීමේ දී වැදගත්ම කාර්යය වන්නේ අර්බුදයේ මූල හේතු ඉවත් කිරීම බවයි පුටින් එහිදී පැවසුවේ.

මෙහි අරමුණ විය යුත්තේ කලාපයේ සියලුම පාර්ශ්වයන්ගේ නීත්‍යානුකූල අවශ්‍යතාවලට ගරු කිරීම මත පදනම වන දිගුකාලීන සාමයක් අත්කර ගැනීම මිස, කෙටිකාලීන සාම ගිවිසුමකට එළඹීම හෝ සන්නද්ධ හමුදා නැවත ස්ථානගත කිරීමට අවස්ථාවක් ලබා ගැනීම නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම, අමරිකාවේ බලධාරීන් සමග සාකච්ඡා කිරීම රුසියාව කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කර නොමැති බව ද පුටින් පවසනවා.

නමුත් ද්විපාර්ශ්වික සහයෝගීතාවය සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් විය යුතු අතර උපායමාර්ගික ස්ථාවරත්වය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම ඇතුළුව ගෝලීය කටයුතුවලදී රුසියාවේ කාර්යභාරය සැලකිල්ලට ගත යුතු බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

World News

Send your contact Details Today