Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත් වීමේ තීරණය, ට්‍රම්ප් ක්‍රියාත්මක කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීම සඳහා වූ විධායක නියෝගයට ජනාධිපති ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට ඔහුගේ පූර්ව මැතිවරණ පොරොන්දුව ඉටු කරමින්.

එක්සත් ජනපදය WHO හි ඉහළම පරිත්‍යාගශීලියා ලෙස සැලකෙන අතර, අමෙරිකාව වසරකට ඩොලර් මිලියන 130ක් පමණ ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එමෙන්ම HIV, ක්ෂය රෝගය සහ ළමා එන්නත් සඳහා විසඳුම් සෙවීමටද අමෙරිකාව මැදිහත් වී කටයුතු කළා.

ට්‍රම්ප් සිය පළමු ධූර කාලය තුළ WHO වෙතින් ඉවත් වීමේ ක්‍රියාවලිය ආරම්භ කළේ, WHO සංවිධානය කෝවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බව ප්‍රකාශ කරමින්.

කෙසේ වෙතත්, එවකට ජනාධිපති බයිඩන් සිය ධුරයේ පළමු දිනයේම එම තීරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

“COVID-19 වසංගතය වැරදි ලෙස හැසිරවීම, අනෙකුත් ගෝලීය සෞඛ්‍ය අර්බුද, හදිසි අවශ්‍ය ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීමට අපොහොසත් වීම සහ WHO සාමාජික රටවල නුසුදුසු දේශපාලන බලපෑමෙන් ස්වාධීනත්වය පෙන්වීමට නොහැකි වීම හේතුත් මෙම ඉවත්වීමට හේතු වශයෙන් පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

World News

Send your contact Details Today