පසුගිය සතියේ බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට එල්ල වූ පිහි ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවේ මුම්බායි පොලිසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු, නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි බංග්ලාදේශ පුරවැසියෙකු වන බවයි වාර්තා වන්නේ.
නමුදු ඔහු බංග්ලාදේශ ජාතිකයෙක් නොවන බවට චෝදනා, ප්‍රතික්ෂේප කර ඇති බවත් සඳහන්.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ඩික්සිත් ගෙඩම් සඳහන් කර තිබුණේ, ‘මූලික සාක්ෂිවලින් පෙනී යන්නේ විත්තිකරු බංග්ලාදේශ පුරවැසියෙකු බවත් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ පසු ඔහු තම නම වෙනස් කර ඇති බවයි’ යනුවෙන්.
මුම්බායි නගරයට ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ‘විජේ දාස්’ යන නම භාවිතා කර ඇති නමුත් ඔහු මොහොමඩ් ෂරිෆුල් ඉස්ලාම් ෂෙසාඩ් යැයි විශ්වාස කෙරෙන අතර මාස පහකට හෝ හයකට පෙර නගරයට පැමිණීමෙන් පසු ගෘහ පාලන ආයතනයක සේවය කරමින් සිට ඇති බව සඳහන්.