Latest News

ෂකිබ් අල් හසන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සහ හිටපු අවාමි ලීග් මන්ත්‍රී ෂකිබ් අල් හසන්ට එරෙහිව ඩකා අධිකරණයක් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

පසුගිය වසරේ සිවිල් නොසන්සුන්තාව හේතුවෙන් බලයෙන් පහ කරන ලද අගමැතිනි ෂෙයික් හසීනාට රටින් පලා යාමට සිදු වූ පසු, ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වේ යැයි බියෙන් ෂකිබ් බංග්ලාදේශයට ආපසු පැමිණ නැහැ.

කෙසේවෙතත් අතිරේක ප්‍රධාන මෙට්‍රොපොලිටන් මහේස්ත්‍රාත් සියාදුර් රහ්මාන් මාර්තු 24 වන දින නියෝගය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියෙන් ඉල්ලා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

කෘෂිකාර්මික ගොවිපලක සභාපතිවරයා වන හසන්, චෙක්පත් ආපසු ගෙවීම සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් කලින් නියෝග කළ පරිදි අධිකරණයේ පෙනී නොසිටීම නිසා වරෙන්තුව නිකුත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බංග්ලාදේශයේ මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ෂකිබ් පසුගිය වසරේ අගභාගයේදී ඉන්දියාවට එරෙහිව ඔහුගේ අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළා.

World News

Send your contact Details Today