Latest News

දේශසීමා හරහා සිදුවන අන්තර්ජාල අපරාධ මැඩපැවැත්වීමට චීනය සහ ආසියාන් රටවල් එක්වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෑතකදී, තායිලන්ත සහ මියන්මාර දේශසීමා ප්‍රදේශවල දරුණු අන්තර්ජාල සූදුව සහ වංචා සිද්ධීන් මාලාවක් සිදුවී ඇති අතර, ඒවා චීනයේ සහ අනෙකුත් රටවල පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් සහ හානියක් වන බවත්, ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසනවා.

ඔහු, පසුගිය දා බෙයිජිං නුවරදී ආසියාන් රටවල් 10 ක තානාපතිවරුන් හමුවෙමින් මේ බව සඳහන් කළා.

ඒ අනුව ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සඳහා, අදාළ රටවල් සිය වගකීම් භාරගෙන, ඒ සඳහා දැඩි පියවර ගනිමින්, අන්තර්ජාල සූදුව සහ වංචා දැඩි ලෙස මර්දනය කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

සියලු රටවල ජනතාවට සාමකාමී සුරක්ෂිත පරිසරයක් ලබා දීම සඳහා ආසියාන් රටවල් සමග ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික නීති බලාත්මක කිරීම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Wang Yi මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

World News

Send your contact Details Today