ඉන්දියාවේ මුම්බායිහිදී ට්‍රක් රථයක ගැටී ටෙලිනාට්‍ය නළු අමන් ජයිස්වාල් ඊයේ (17) මිය ගොස් තිබෙනවා.
මියයන විට ඔහු 23 හැවිරිදි වියේ පසුවුණා.
මුම්බායිහි ජෝගේෂ්වරී මාර්ගයේ ට්‍රක් රථයක්, ඔහුගේ යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් පසු ඔහු රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙසේ මියගොස් ඇත්තේ.
“ධර්තිපුත්ර නන්දිනී” රූපවාහිනී කතා මාලාවේ ප්‍රධාන චරිතය හරහා ඔහු ප්‍රසිද්ධියට පත්වුණා.
ට්‍රක් රථ රියදුරුට එරෙහිව කඩිනම් සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.