Latest News

BBC වෙබ් අඩවියේ හොඳම සංචාරක ස්ථාන 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

BBC වෙබ් අඩවිය මෙම වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාවද නම් කර තිබෙනවා.

ඒ අනුව එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පසුවන්නේ 09 වන ස්ථානයේයි.

ජනමාධ්‍යවේදී ක්ලෙයාර් ටරල් ශ්‍රී ලංකාව ගැන විස්තර කර ඇත්තේ, මීදුමෙන් වැසීගිය කඳු මුදුන්, තේ වතු, පුරාණ විහාරස්ථාන, වන අලි සහ සර්ෆින් ක්‍රීඩාව පවතින ශ්‍රී ලංකාව අවශ්‍ය සියල්ලෙන් සපිරුණු රටක් බවයි.

ලොව පුරා සංචාරකයින්ට වසරේ පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් BBC වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම ස්ථාන 25 සංචාරකයින් සාදරයෙන් පිළිගන්නවා පමණක් නොව ඔවුන්ට අද්විතීය සංචාරක අත්දැකීමක් පිරිනමන බවද BBC වෙබ් අඩවිය සඳහන් කළා.

එමෙන්ම මෙම ස්ථාන දේශීය ප්‍රජාවට සහාය වීමට, පරිසරය ආරක්ෂා කිරීමට හෝ ඔවුන්ගේ අද්විතීය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට සංචාරක කර්මාන්තය යොදා ගන්නා බවද BBC වෙබ් අඩවිය පෙන්වා දී තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය ඩොමිනිකාවටත්, දෙවැනි ස්ථානය ජපානයේ නාඕෂිමාවටත්, තෙවැනි ස්ථානය ඉතාලියේ ඩොලොමයිට්ස් කඳුකාරයටත් හිමිව ඇති බව සඳහන්.

මෙහි අවසන් ස්ථානයේ පසුවන්වෙන් නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරයි.

World News

Send your contact Details Today