Latest News

පොම්පෙයි නගරයේ ගිනිකඳු යට සැඟවී ගොස් තිබූ නාන කාමරයක් මතුවෙයි (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පුරාණ රෝම නගරයක් වන පොම්පෙයි හි වසර දෙදහසක් පුරා ගිනිකඳු පාෂාණ සහ අලුයට සැඟවී තිබූ නාන කාමරයක් සොයා ගෙන තිබෙනවා.

පුරාවිද්‍යාඥයින් විසින් සොයාගනු ලැබ ඇති මෙම පෞද්ගලික නාන කාමරය මෙතෙක් ඉන් හමුවී ඇති විශාලතම නාන කාමරය බවයි සැලකෙන්නේ.

එය උණුසුම් සහ ශීත කාමර විශිෂ්ඨ කලා නිර්මාණ සහ විශාල ජල තටාකයකින් සමන්විත වනවා.

එම නිවසේ තිබී සොයාගත් ඇටසැකිලි දෙකක් විශ්ලේෂණය කිරීමෙන් පසු විසුවියස් පුපුරා යාමෙන් පොම්පෙයි හි වැසියන් මුහුණ දුන් භීෂණය පෙන්නුම් කරනවා.

එම මළ සිරුරුවලට අනුව වයස අවුරුදු 35ත් 50ත් වසසේ පසුවන අය බවටයි විශ්වාස කෙරෙන්නේ.

පොම්පෙයි පැරණි නගරයෙන් තුනෙන් එකක් තවමත් ගිනිකඳු සුන්බුන් යට පවතිනවා.

නව කැනීම් තුළින් පුරාණ රෝම ජීවිතය පිළිබද වැදගත් තොරතුරු හෙළිවෙමින් පවතින බවයි පුරාවිද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ.

World News

Send your contact Details Today