Latest News

අඛණ්ඩව තුන්වන වරටත් චීනයේ ජනගහනය පහළ යයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ ජනගහනය පසුගිය වසරේ අඛණ්ඩව තුන්වන වරටත් පහත වැටී ඇති බව එහි රජය පවසනවා.

ඒ අනුව ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත චීනය සඳහා තවදුරටත් ජනගහනය සම්බන්ධ අභියෝග කිහිපයකට මුහුණ පා සිටිනවා.

ඉන් එක් ගැටළුවක් වන්නේ චීනය මේ වනවිට සිටින්නේ වයස්ගත ජනගහනයකට සහ වැඩ කරන වයස්වල පුද්ගලයින්ගේ නැගී එන හිඟයකට මුහුණ දෙමින්.

2024 වසර අවසානයේ චීනයේ ජනගහනය බිලියන 1.408ක් වූ අතර එය පෙර වසරට වඩා මිලියන 1.39ක අඩුවීමක්.

චීනය මීට වසර තුනකට පෙර ජපානය සහ නැගෙනහිර යුරෝපයේ ජනගහනය අඩු වන අනෙකුත් රටවල් අතරට එක් වූ අතර ඊට ප්‍රධාන වශයෙන් කොවිඩ් වසංගතය බලපෑවා.

ඊට අමතරව ජීවන වියදම ඉහළ යාම නිසා චීන තරුණ තරුණියන් උසස් අධ්‍යාපනය සහ වෘත්තීය කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදීම හේතුවෙන් විවාහය සහ දරු උපත් කල් දැමීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ‍යොමු වෙමින් සිටින තත්ත්වයකුත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News

Send your contact Details Today