Latest News

ආධාරකය අල්ලාගෙන නටමින් 82 වන විවාහ සංවත්සරය සැමරූ එල්ටන් සහ බෙටි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැලිෆෝනියාවේ එල්ටන් සහ බෙටි ඩෙන්නර් යුවළ තම විවාහයේ 82 වන සංවත්සරය සැමරූ අතර, ටික දිනකින් බෙටි තම 100 වන උපන් දිනයද සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පීපල් සඟරාව වාර්තා කළ පරිදි, පවුලේ සාමාජිකයන් ඩිස්නි තේමාව යටතේ 2024 ඔක්තෝබර් මාසයේදී විශේෂ උත්සවයක් සංවිධානය කළ අතර, වයස අවුරුදු 103 ක් වන එල්ටන්, මෙම අවස්ථාව වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇවිදීමේ රාමුවක් භාවිතා කරමින් ග්ලෙන් මිලර්ගේ “මූන්ලයිට් සෙරෙනේඩ්” ගීතයට තම බිරිඳ සමඟ නැටුමක නිරත වුණා.

ඩෙන්නර් යුවළගේ ප්රේම කතාව ආරම්භ වන්නේ 1930 දශකයේදී කැලිෆෝනියාවේ සැන්ටා ඈනා උසස් පාසලේ සිසුන් ලෙස සිටි කාලයේදීයී.

පීපල් සඟරාව සඳහන් කළ පරිදි, පාසල් නර්තන උළෙලකදී හමුවූ මොවුන්, එල්ටන් කෙරෙහි කුතුහලයක් ඇති කරගත් බෙටි, ඔහු සමඟ නැටීමට පළමු පියවර ගත්තා.

එතැන් පටන් ඔවුන්ගේ සබඳතාවය වර්ධනය වූ අතර ලොස් ඇන්ජලීස් හි පැලේඩියම් හි ග්ලෙන් මිලර්, ෆ්රෑන්ක් සිනත්‍රා සහ ටොමි ඩෝර්සි වැනි ප්‍රසිද්ධ සංගීතඥයින්ගේ වාදනයට නැටූ රාත්‍රී ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථා වුණා.

කෙසේ වෙතත්, දෙවන ලෝක යුද්ධය ඔවුන්ගේ ජීවිත මාර්ගය වෙනස් කළා.

1943 දී එල්ටන් යුද ගුවන් හමුදාවේ ගුවන් නියමු පුහුණු වැඩසටහනට එක්වුණා.

මෙය ඔවුන්ව තීරණාත්මක තීරණයකට යොමු කළා.

එනම් ඔහුගේ පිටත්වීමට පෙර විවාහ වීමට තීරණය කිරීමයි.

ඒ අනුව 1942 ඔක්තෝබර් 18 වන දින සැන්ටා ඈනා හි උද්යානයක දී ඔවුන් විවාහ දිවියට එක්වූයේ දශක අටකට වැඩි කාලයක් පැවතෙන බැඳීමකටයි.

යුද්ධයෙන් පසු, එල්ටන් සහ බෙටි කැලිෆෝනියාවේ කොරෝනා ඩෙල් මාර් හි පදිංචියට ගියහ. එහිදී ඔවුන් ගොඩනැගූ පවුල අද වන විට මුණුබුරන් 16 දෙනෙකුගෙන්, මිණිපිරියන් 17 දෙනෙකුගෙන් සහ කිරිමුණුපුරන් දෙදෙනෙකුගෙන් සමන්විතයි.

පීපල් සඟරාව වාර්තා කළ පරිදි, යුවළ තම වෘත්තීය ජීවිතයට කැපවූ අතර විශ්‍රාම ගැනීමෙන් පසු එක්සත් ජනපදය පුරා සහ ඉන් ඔබ්බට සංචාරයන්හි නිරත වුණා.

ඔවුන්ගේ “බ්ලූ බස්” රථයෙන් රට පුරා වෙරළ සිට වෙරළ දක්වා ගමන් කළ අතර මෙක්සිකෝව සහ මධ්‍යම ඇමරිකාව දක්වාද සංචාරය කළා.

මෙම ගමන් මගින් ඔවුන්ගේ සබඳතාවය තවදුරටත් ශක්තිමත් කළ අතර, තම ආදරණීයයන් සමඟ බෙදාගත හැකි අමතක නොවන මතකයන් නිර්මාණය කිරීමටද හැකි වුණා.

කාලයත් සමඟ, ඔවුන්ගේ ප්‍රියතම ස්ථානයක් වූ ඩිස්නි විනෝද උද්‍යානයට යාම යුවළට අපහසු වුණා.

එබැවින්, බෙටිගේ 100 වන උපන් දිනය සැමරීම සඳහා පවුලේ සාමාජිකයන් ඩිස්නි මායාව නිවසටම ගෙන ආවා.

පීපල් සඟරාව වාර්තා කළ පරිදි, දින හතරක් පුරා පැවති මෙම උත්සවයේ සිනඩරෙලා තේමා නර්තන උළෙලක්ද පැවැත්වුණ අතර කුමරු ලෙස හැඩගැන්වුණු එල්ටන්, ඩිස්නි චරිතයෙන් ආභාෂය ලත් නිල් පැහැති ගවුමකින් සැරසුණු බෙටිට පුදුමයක් එක් කළා.

වඩාත්ම හදපිත් කාවදින මොහොත උදාවූයේ විශේෂ ඇවිදීමේ රාමුවක් උපකාරයෙන් එල්ටන්ට තම බිරිඳ සමඟ ඔවුන්ගේ ප්‍රියතම ගීතයට නැටීමට හැකි වූ අවස්ථාවේදීයී.

World News

Send your contact Details Today