Latest News

සයිෆ්ට පිහිපහර එල්ල කළ සොරාගේ CCTV දර්ශන එළියට (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මුම්බායි නුවර බාන්ද්‍ර ප්‍රදේශයේ පිහිටි ප්‍රවීණ බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ගේ නිවසේ ඊයේ (16) උදෑසන සිදුවූ පහරදීමේ සිද්ධියේ සැකකරු පළමු වරට CCTV දර්ශනයක හසුවී ඇති බව ඉන්දියා ටුඩේ වාර්තා කරනවා.

පැය 02:33ට වාර්තා වූ මෙම දර්ශනයේ සැකකරු පිටුපස බෑගයක් සහ වම් උරහිසේ රතු පැහැති රෙදි කඩක් පැළඳ සිටින අයුරු දක්නට ලැබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බාන්ද්‍ර පොලීසිය සහ අපරාධ අංශය විසින් මෙම CCTV දර්ශන අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින අතර, ඔහු නිරන්තරයෙන් ස්ථානය වෙනස් කරමින් සිටින බවයි පොලීසිය පවසන්නේ.

පරීක්ෂණවලින් හෙළිවී ඇති පරිදි සැකකරු ගිනි නිවීමේ පඩිපෙළ ඔස්සේ ඛාන්ගේ 12 වන මහලක පිහිටි නිවසට ඇතුළුව තිබෙනවා.

කෙසේ වුවද, ආරක්ෂිත දොරවල්, CCTV කැමරා සහ අගුලු තිබියදී ඔහු ඇතුළු වූයේ කෙසේදැයි තවමත් පැහැදිලි නැහැ.

සිද්ධිය වූ අවස්ථාවේ සැකකරු ළමා කාමරයට ඇතුළුව සිටි අතර, එහිදී ගෘහ සේවිකාව වන ලීමා සමග ඇතිවූ ආරවුලෙන් පසු ඇය කෑගැසීම නිසා සයිෆ් අලි ඛාන් පැමිණ තිබෙනවා.

සැකකරු අත තිබූ කපන ආයුධයකින් ඛාන්ට පහර දී ඇති අතර, එහි කොටසක් සයි‍ෆ්ගේ කශේරුකාවේ රැඳී තිබී ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට සිදුව තිබෙනවා.

ලීලාවතී රෝහලේ වෛද්‍ය වාර්තා අනුව සයිෆ් අලි ඛාන්ට දැඩි ලෙස රුධිරය වහනය වී ඇති අතර, ශල්‍යකර්මයෙන් පසු ඔහුගේ තත්ත්වය ස්ථාවර බව වාර්තා වනවා.

පොලීසිය පවසන පරිදි මෙය සාමාන්‍ය සොරකමක් විය හැකි අතර, සැකකරු සූදානමින් පැමිණ ඇති බව ඔහු රැගෙන ආ බෑගයෙන් පැහැදිලි වනවා.

කෙසේවෙතත් සයිෆ් අලි ඛාන්ගේ නිවස බව දැන හෝ නොදැන සිදුකළ මෙම පහරදීමේදී සැකකරු මිනීමැරීමේ උත්සාහයේ චෝදනාවටද මුහුණ දෙනු ඇති.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර, සැකකරු කොපමණ වේලාවක් නිවස තුළ සැඟව සිටියේද, කුමක් සොරකම් කිරීමට උත්සාහ කළේද යන කරුණු තවමත් පැහැදිලි නැහැ.

World News

Send your contact Details Today