Latest News

Smart Watch පළඳින අයට අනතුරු ඇඟවීමක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Smartwatch සහ ශාරීරික යෝග්‍යතා ට්‍රැකර් බෑන්ඩ්වල සම හරහා අවශෝෂණය වන විෂ සහිත PFAS නැමති රසායනික ද්‍රව්‍ය අඩංගු විය හැකි බවට අනාවරණය වී තිබෙනවා.

මෙම නව සොයා ගැනීම එක්සත් ජනපද පර්යේෂණ කණ්ඩායමක් මඟින් සිදුකර තිබුණා.

මෙම අධ්‍යයනයමඟින් PFAS හෝ රසායනික ද්‍රව්‍ය සලකුණු කිරීම සඳහා පොදු වෙළඳ නාම 22 ක් පරීක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අයිතම අතුරින් 15 ක් සාමාන්‍යයෙන් පාරිභෝගික භාණ්ඩ සහ ඇඳුම්වල දක්නට ලැබෙන PFAS මට්ටමට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක් පවතින බව අනාවරණය වී තිබෙනවා.

PFAS යනු ජලයට සහ තාපයට ඔරොත්තු දෙන පාරිභෝගික නිෂ්පාදන සෑදීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන සංයෝග 15,000 ක පමණ එකතුවක්.

මෙම සංයෝග ශරීරයට අවශෝෂණය වීමෙන් පිළිකා, වකුගඩු රෝග, අක්මා ගැටළු, ප්‍රතිශක්තිකරන ආබාධ, නව උපත් ගැටලු සහ අනෙකුත් බරපතල සෞඛ්‍ය  ගැටළු වලට සම්බන්ධ විය හැකි බවටයි අනාවරණය වන්නේ.

මෙලෙස පරික්ෂා කරන ලද Smart Watch හි එක් එක් Brands අතරට Nike, Apple, Fitbit සහ Google යන Smart watch නිශ්පාදන එම අධ්‍යනය සඳහා යොදාගෙන නැහැ.

World News

Send your contact Details Today